හේමසිරි සහ පූජිත්ට එරෙහි නඩුව කල් යයි

9

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති නඩුව ඔක්තොම්බර් මස 03 වනදා දක්වා කල් දමා තිබෙනවා.
ඒ අදාළ නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවේ අද කැඳවූ අවස්ථාවේදීයි.
එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා කියා සිටියේ මෙම නඩුවේ පළමු සැකකරු වන හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාගෙන් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාගෙන අවසන් බවයි.
එමෙන්ම මෙහි දෙවන සැකකරු වන පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගෙන් අවස්ථා දෙකකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ ලබාගෙන ඇති අතර අද දිනයේද මොහුගෙන් ප්‍රකාශ ලබා ගැනීමට නියමිත බවයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කියා සිටියේ.
පාස්කු ඉරිදා ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරිම සහ වගකීමෙන් බැහැර වී සාපරාධී මනුෂ්‍ය ඝාතන සිදුකිරීමට අනුබල දීමේ චෝදනාව මත මොවුන්ට එරෙහිව නඩුව පවරා තිබෙනවා.

Your Comments