හෙලිකොප්ටරයෙන් එන අරාබි අධ්‍යක්ෂගේ රහස් කාමරයේ සැක උපකරණ තොගයක් (PHOTOs)
ගුවන් පථයකුත් .....

3039

නල්ලතන්නිය මස්කෙලිය ප්‍රදේශයේ වතුයායකින් සන්නිවේදන උපකරණ රැසක් සහ දුරස්ථ පාලක ඇම්ප්ලිෆයරයක් සහ උපකරණ රැසක් සොයා ගෙන තිබෙනවා.

නල්ලතන්නිය පොලිසිය පැවසුවේ ඊයේ (26) මස්කෙලිය පීක්විව් වතුයායේ සිදු කල සොදිසි මෙහෙයුමකදි ඒවා සොයාගත් බවයි.

එක්සත් ආරාබි රාජ්‍යයේ ද පෞද්ගලික සමාගමක අධ්‍යක්ෂවරයෙකු බව පැවසෙන වතුයායේ පාලන අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කරන පුද්ගලයාගේ කාමරයෙන් මෙම උපකරණ හමුව තිබුණා.

විශාල දුර ප්‍රමාණයකට කතා කල හැකි වෝකි ටොකි යන්ත්‍ර හතරක්, දුරස්ථ පාලකයක් සහිත ඇම්ප්ලිෆයරයක් සහ එයට අදාල උපකරණ රැසක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මෙම සැකකරු එරට පදිංචි අතර මස්කෙලිය පීක්විව් වතුයායේ නවාතැන් ගන්නා කාමරයේ තිබි මෙම සන්නිවේදන උපකරණ රැස අත්අඩංගුවට ගත් බවයි නල්ලතන්නිය පොලිසිය පැවසුවේ.

අක්කර 82ක් පමණ වන වතුයායේ පාලන කටයුතු සොයා බැලිම සඳහා එක්සත් අරාබි රාජ්‍යයේ පදිංචි අධ්‍යක්ෂකවරයා නිතර නිතර මෙරටට පැමිණෙන බවයි පැවසෙන්නේ.

බොහෝ අවස්ථාවල ඔහු පෞද්ගලික හෙලිකොප්ටර් යානාවක් මගින් වතුයායයට පැමිණෙන බවයි නල්ලතන්නිය පොලිසිය අනාවරණ කර ගෙන ඇත්තේ.

හෙලිකොප්ටර් යානා ගොඩ බැස්සවීමට ගුවන් පථයක්ද සකස් කර ඇති බවත් සඳහන්.

වතුයායයට පිටස්තර අයට ඇතුල්විය නොහැකි අකාරයට මෙරට පෞද්ගලික ආරක්ෂක නිලධාරින් සේවයට යොදවා තිබෙනවා.

පීක්විව් වතුයාය මෙරට පදිංචි වතු අධිකාරවරයෙකු සහ සහකාර වතු අධිකාරිවරයෙකු යටතේ පාලනය වන්නක්.

සන්නිවේදන උපකරණ සම්බන්ධයෙන් වතු අධිකාරිවරයා සහ සහකාර වතු අධිකාරිවරයාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

එක්සත් අරාබි රාජ්‍යයේ පදිංචි අධ්‍යක්ෂකවරයාට නල්ලත්නිනය පොලිසිය වෙත පැමිනෙන ලෙසට දන්වා යවා ඇති බවයි වාර්තා වන්නේ.
(හැටන් – රංජිත් රාජපක්ෂ)

    

Your Comments