හෙරොයින් සමග සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට

8

හෙරොයින් සමග සැකකරුවන් තිදෙනෙක් මාලිගාවත්ත සහ ගල්කිස්ස යන ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මාලිගාවත්ත පොලිස් බලප්‍රදේශයේ මාලිගාවත්ත පෙදෙසෙහිදී හෙරොයින් ග්‍රෑම් 2 මිලිග්‍රෑම් 80ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ මාලිගාවත්ත පොලිසියට ලද තොරතුරක් මත සිදු කරනු ලැබූ වැටලීමකදියි. අත්අඩංගුවට ගත්ත සැකකරු මාලිගාවත්ත පෙදෙසෙහිම පදිංචි 40 හැවිරිදි පුද්ගලයකු බවයි පොලිසිය පවසන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් මාලිගාවත්ත පොලිසිය ඉදිරි විමර්ශන සිදු කරනු ලබනවා.

සැකකරු අද(27) මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අතර ගල්කිස්ස බඩෝවිට සහ විජය පාර යන ප්‍රදේශවලදී ද හෙරොයින් සමග පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගල්කිස්ස පොලිසියට ලද තොරතුරක් මත එම පොලිසිය සිදු කළ වැටලීමකදී බඩෝවිට ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 15 මිලිග්‍රෑම් 110ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගල්කිස්ස ප්‍රදේශයේම පදිංචි 49 හැවිරිදි අයෙකි.

ගල්කිස්ස විජය පාර පෙදෙසෙහිදී ද හෙරොයින් ග්‍රෑම් 2 මිලිග්‍රෑම් 450ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට ගල්කිස්ස පොලිසිය සමත්ව තිබෙනවා.

ඒ පොලිසියට ලද තොරතුරක් මතත සිදු කළ වැටලීමකදී බවයි පොලිසිය පවසන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරු 19 වන වියේ පසුවන එම ප්‍රදේශයේම පදිංචිකරුවෙක් බවයි පොලිසිය පවසන්නේ.

සිද්ධීන් සම්බන්ධයෙන් ගල්කිස්ස පොලිසිය විමර්ශන සිදුකරනු ලබන අතර සැකකරුවන් දෙදෙනා අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Your Comments