හිටපු සෞඛ්‍ය ඇමති රාජිතට ඇප ලබාදුන් නියෝගය අවලංගු කෙරේ

16

හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට ඇප ලබාදෙමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නිකුත් කළ නියෝගය අවලංගු කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා අද(13) නියෝග කරනු ලැබුවා.
ආන්දෝලනාත්මක සුදු වෑන් සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මගින් පසුගිය දෙසැම්බර් මස 30 වැනිදා ඇප ලබාදීමට නියෝග කරනු ලැබුවා.
රාජිත සේනාරත්න මහතාට ඇප ලබාදෙමින් ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය නිකුත් කළ නියෝගය දෝෂ සහගත බවයි කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා පවසා ඇත්තේ.

Your Comments