UPDATE: හලාවතට පොලිස් ඇඳිරි නීතිය පැනවෙයි

673

හලාවත නගර සීමාවට වහා ක්‍රියාත්මක වන පරිදී පොලිස් ඇඳිරිනිතීය පනවා තිබෙනවා.

හලාවත නගර මධ්‍යයේ මීට ටික වේලාවකට පෙර දෙපිරිසක් අතර නොසන්සුන්කාරී තත්ත්වයක් හටගත් බවයි පැවසෙන්නේ.

ඒ හේතුවෙන් හෙට පෙරවරු 06.00 දක්වා හලාවත නගර සීමාවට පොලිස් ඇඳිරිනිතීය පනවා ඇති බවයි පොලිස් මූලස්ථානය නිවේදනය කළේ.

යම් පුද්ගලයෙක් ජාතීන් අතර අසමගිය ඇතිවන ආකාරයේ ප්‍රකාශයක් සමාජ මාධ්‍ය ජාලා වෙත මුදා හැර ඇති අතර ඒ පිළිබඳ විමසා බැලීමට පිරිසක් කටුයුතු කළ අවස්ථාවේ එය නොසන්සුන්කාරී තත්වයක් දක්වා දුරදිග ගොස් තිබුණා.

ඒ අනුව පොලිසිය මැදිහත්වී හටගත් තත්වය පාලනය කර තිබෙනවා.

ජාතීන් අතර අසමගිය ඇතිවන ආකාරයේ ප්‍රකාශය සමාජ මාධ්‍යට මුදා හැර ඇති පුද්ගලයා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා සඳහන් කළා.

Your Comments