හයදෙනෙකුගේ පහරදීමෙන් අයෙක් මරුට

29

මහඔය, පූලාවල විද්‍යාලය ආසන්නයේ මාර්ගයේදී දෙපිරිසක් අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් අතින් පයින් සහ පොලුවනින් කරන ලද පහරදීමකින් බරපතල තුවාල ලැබූ පුද්ගලයකු මහඔය රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා මඩකලපුව රෝහලට ඇතුළත් කිරීමේදී මරණයට පත්ව ඇති බව පොලිසිය පවසනවා. පොලිසිය වැඩිදුරටත් කියා සිටියේ ඊයේ (14) රාත්‍රී 11ට පමණ මෙම ආරවුල හටගෙන ඇති බවයි. එහිදී ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මහඔය, ටැම්පිටිය, පූලාවල යන ලිපිනයෙහි පදිංචිව සිටි ඩබ්.එම්. චාලි නමැති 41 හැවිරිදි පුද්ගලයෙකි.
මෘත දේහය මඩකලපුව රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර පහරදීම සිදු කරන ලද එකම පවුලේ කාන්තාවන් තිදෙනෙක් ඇතුළු හය දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මහඔය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනවා.


Your Comments