හදවත ලකුණ යොදා ගැනීමට සාකච්ඡා කළේ නෑ

26

සමගි ජන බලවේගයේ ලාංඡනය ලෙස හදවත ළකුණ යොදාගැනීමට අදාළව සාකච්ඡා නොකල බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශවය පවසනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ සී අලවතුවල මහතා අද පැවති මාධ්‍ය කියා සිටියේ අලියා හෝ හංසයා ළකුණ කෙරෙහි පමණක් අවධානය යොමුකර ඇති බවයි

මේ අතර සමගි ජන බලවේගය ලෙස තරග කිරීමේදී කුමන ලාංඡනය යොදා ගන්නේද යන අවසන් තීරණය හෙට දිනයේදී ගන්නා බව එක්සත් ජාතික පක්ෂය ප්‍රකාශ කලා.
පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල කාරියවසම් මහතා කියාසිටියේ හෙට රැස්වන කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී එම අවසන් තීන්දුව ගන්නා බවයි.
බොහෝදුරට අලියා හෝ හංසයා යන ලාංඡන අතුරින් එකක් තෝරා ගැනෙනු ඇති බවටයි මන්ත්‍රීවරයා විශ්වාසය පළ කලේ.

Your Comments