හඬපට සම්බන්ධයෙන් අගවිනිසුරුවරයා තීරණයක් ගනු ඇති
අගමැති ප්‍රවෘත්ති අංශ ප්‍රධානීන්ට කියයි

6

අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු කිරීමේ වගකීම අදාල සියළු පාර්ශවවලට පැවරෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.
රජයක් වශයෙන් ඊට අවශ්‍ය පියවර ගන්නා බවයි අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ.
ප්‍රවෘත්ති අංශ ප්‍රධානීන් සමග අරලියගහ මන්දිරයේ අද පැවති හමුවකදී මහින්ද රාජපක්ෂ මහතා මේ බව කියා සිටියා.
ආන්දෝලනාත්මක හඩ පට හෙළිදරව්ව හමුවේ අධිකරණ පද්ධතිය සම්බන්ධයෙන් මතුවන ගැටළු විසඳීමට අගවිනිසුරුවරයා ද ක්‍රියා කරනු ඇතැයි අග්‍රාමාත්‍යවරයා විශ්වාසය පල කළා.
මෙම සාකච්ඡාවේදී මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ මාස කිහිපයක් සඳහා අතුරු සම්මත ගිණූමක් ඉදිරිපත් කර ඇති බැවින් ඇතැම් වියදම් සීමා කිරීමට සිදු වී ඇති බවයි.
කෙසේ වෙතත් ඉදිරි අයවැයකදී සෑම පාර්ශවයකටම සහන සලසන බව ඔහු ප්‍රකාශ කළා.
ඉදිරි මැතිවරණය සම්බන්ධයෙන්ද ප්‍රවෘත්ති අංශ ප්‍රධානීන් එහිදී විමසීමක් කළා.

Your Comments