හඬපටවලින් පාර්ලිමේන්තුව උණුසුම්

30

මහබැංකු බැදුම්කර නිකුතු වෝහාරික විගණන වාර්තා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත මුදා හැරීම යෝග්‍ය බව කතානායක කරු ජයසුරිය මහතා අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කලා.
අද සභා වාරය ආරම්භයේදී යි ඔහු ඒ පිළිබදව නිල වශයෙන් දැනුම් දුන්නේ
ඒ අනුව 2002 වසරේ සිට 2016 වසර දක්වා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බැදුම්කර නිකුත් කිරීම සම්බන්ධ වෝහාරික විගණන වාර්තා සභාගත කිරීමට කතානායකවරයා උපදෙස් ලබා දුන්නා.

තවදුරටත් අදහස් දැක්වු කතානායක කරු ජයසුරිය මහතා පැවසුවේ මහ බැංකු බැදුම්කර නිකුතු වෝහාරික විගණන වාර්තා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත මුදා හැරීම තුලින් අධිකරණ ක්‍රියාමාර්ග වලට බාධාවක් සිදු නොවන බවයි.

අනතුරු නැගී සිටි ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා මෙම වාර්තා සම්බන්ධයෙන් දෙදින විවාදයක් පැවැත්විය යුතු බවට ඉල්ලා සිටියා.
ඊට ප්‍රතිචාර දක්වමින් කථානායක කරූ ජයසූරිය මහතා සඳහන් කලේ පක්ෂ නායකයන් සමග සාකච්ඡා කර ඒ සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි.
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා, හේෂා විතානගේ මෙන්ම නිදහස් සන්ධාන මන්ත්‍රී නිමල් ලංසා යන මහත්වරුන්ද මෙහිදී අදහස් පළකලා.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා තමන් සතු දුරකතන සංවාද අද පාර්ලිමේන්තුවේ සභාගත කලා .
ඒ, රක්ෂිත බන්ධනාගාරයේ සිට අද පාර්ලිමේන්තු සභාවාරයට එක්වෙමින්.
අනතුරුව මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී අදහස් පල කලා.

හඬපට සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරිය ද පාර්ලිමේන්තුවේ දී අදහස් පල කලා.

Your Comments