හඬපටයක් ප්‍රසිද්ධවීම හේතුවෙන් යුක්රේන අගමැති ඉල්ලා අස්වෙයි

19

ජනාධිපතිවරයා විවේචනය කළ හඩපටයක් ප්‍රසිද්ධියට පත්වීම හේතුවෙන් යුක්රේන අග්‍රාමාත්‍ය ඔලෙක්සි හොන්චොරොක් ඉල්ලා අස්වී තිබෙනවා.

ආර්ථික ක්‍ෂේත්‍රය සම්බන්ධයෙන් යුක්රේන ජනාධිපති විලෝදීමීර් සෙලෙන්ස්කි ජනාධිපතිවරයාගේ දැනුම අල්ප බවටයි අග්‍රාමාත්‍යවරයා ගේ හඩ පටයට ඇතුළත්ව තිබුණේ.

එය රාජ්‍ය නිලධාරීන් පිරිසක් සමග පැවති හමුවකදී සිදුකළ ප්‍රකාශයක් බවට ප්‍රසිද්ධ වූවා.

කෙසේ වෙතත් එම හඩපටය උපයෝගී කර ගනිමින් තමා සහ තම කණ්ඩායම ජනාධිපතිවරයාට ගරු නොකරන බවට කෘතිම මතයක් නිර්මාණය කිරීමට උත්හාස දරා ඇති බවයි ඉල්ලා අස්වීමේ ලිපිය එදිරිපත් කරමින් අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

වෘත්තියෙන් නීතිඥවරයෙකු වන 35 හැවිරිදි ඔලෙක්සි හොන්චොරොක් පසුගිය අගෝස්තු මාසයේ දී අග්‍රාමාත්‍ය ධුරයට පත් වුණේ එම ධූරයට පත් ලොව ලාබාලතම පුද්ගලයා ලෙසයි.

Your Comments