හකීම්ගේ නව සන්ධානයට ජවිපෙන් පිළිතුරක්

31

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සමග හෝ වෙනත් කිසිදු ප්‍රධාන පක්ෂයක් සමග සන්ධානගතවීමේ සූදානමක් නොමැති බව ජනතා විමුක්ති පෙරමුණ අවධාරණය කරනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කලේ ඊට අදාළව සාකච්ඡාවක් හෝ පවත්වා නොමැති බවයි.
ජනතා විමුක්ති පෙරමුණ සහ ද්‍රවිඩ ජාතික සන්ධානය සමග එක්ව නව සන්ධානයක් බිහිකිරීමේ සාකච්ඡා ආරම්භ කර ඇතැයි ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා ඊයේ මහනුවර පැවති උත්සවයකදී සඳහන් කලා.

මේ කලුතර පැවති වැඩසටහනකින් පසු ඊට ප්‍රතිචාර දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා.

Your Comments