සෞඛ්‍ය ඇමති අමෙරිකාවට

43

ක්ෂය රෝගය මර්දනය කිරිම සහ බෝනොවන රෝග පාලනය කිරීම පිළිබද ජගත් සමුළුවට සහභාගිවීම සදහා සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා හෙට ඇමරිකාව බලා පිටත්ව යාමට නියමිතයි.
එක්සත් ජාතීන්ගේ සැසිවාරයට සමගාමීව පැවැත්වෙන සමුළුව ආරම්භ වන්නේ නිව්යෝර්ක් නුවරදීයි.
එක්සත් ජාතීන්ගේ සැසිවාරයට සහභාගිවන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද මෙම සමුළුවට එක්වීමට නියමිතව තිබෙනවා.
ක්ෂය රෝගය පාලනය කිරිම පිළිබද සමුළුව ලබන 26 වන දා ආරම්භ වන අතර බෝනොවන රෝගපාලනය කිරීම පිළිබද සමුළුව ආරම්භ වන්නේ ලබන 27 දායි.
ලොව විවිධ රටවල් ක්ෂය රෝගය සහ බෝ නොවන රෝග පාලනය කිරීම සදහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබදව මෙහිදී කරුණු ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
බෝනොවන රෝග පාලනය කිරිම සදහා රජය ගෙන ඇති වැඩපිළිවෙල පිළිබදව සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී දේශණයක් පැවැත්වීමට ද නියමිතයි.
මෙම සමුළුවෙන් පසු සෞඛ්‍ය අමාත්‍යවරයා ස්විස්ටර්ලන්තයේ ජීනීවා නුවර පැවැත්වෙන දුම්කොළ පිළිබද ජාත්‍යන්තර ප්‍රඥප්තියේ ප්‍රධාන සමුළුවට ද සහභාගි වනු ඇති.

Your Comments