සුළඟකින් ආණමඩුව ප්‍රදේශයේ නිවාස හා ව්‍යාපාරික ස්ථාන තිහකට හානි – 6 දෙනෙකුට තුවාල

28

ආණමඩුව ආඩිගම ප්‍රදේශය හරහා හමා ගිය දැඩි සුළගකින් නිවාස හා ව්‍යාපාරික ස්ථාන තිහකට පමණ බරපතල හානි සිදුව තිබෙනවා.
අද අළුයම 3 ට පමණ මෙම සුළග හමා ගොස් ඇති බවයි නිව්ස් 24 වාර්තාකරු පැවසුවේ.

එහිදී පුද්ගලයන් හයක දෙනෙකුට පමණ තුවාල සිදුව ඇති බව ද සදහන්.

ඔවුන්ගෙන් දෙදෙනෙකු ආණමඩුව රෝහලට ඇතුලත් කර තිබෙනවා.
සුළගින් වගාවන්ට හා රථවාහන විස්සකට පමණ ද හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

සුළං තත්ත්වය හේතුවෙන් ප්‍රදේශයේ විදුලි බල සැපයුම ද මේ වන විට අඩාල වී ඇති බව සදහන්.

මේ අතර, මුහුදු ප්‍රදේශවල තවදුරටත් සුළං තත්ත්වය ඉහළ අගයක් ගන්නා බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසනවා.

මේ, එහි සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා.

Your Comments