සුවය ලැබූවන්ගේ සංඛ්‍යාව 126 දක්වා ඉහළට

23

කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව සිටි තවත් හය දෙනෙකු අද දිනයේ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.
ඒ අනුව මෙරට කොරෝනා ආසාදිත වූවන්ගෙන් සුවය ලැබූවන්ගේ සංඛ්‍යාව 126 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
කෙසේ වෙතත් ඊයේ(26) මධ්‍යම රාත්‍රියේදී මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 500 ඉක්මවා යනු ලැබුවා.
ඊයේ දිනයේ පමණක් වාර්තා වූ කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 63ක්.
ඉන් 53 දෙනෙකුම නාවික භටයන් බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේ.

Your Comments