සුද්දෙක් ශ්‍රී ලංකා මැච් එකේ දී ඕස්ට්‍රේලියානුවන්ට වැලි කඩදාසියක් දෙයි

85

ඔබට මතකනම්… ඕස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක Steven Smith සහ හිටපු උපනායක David Warner ට මෙන්ම Cameron Bancroft පන්දුව පළුදු කිරීමේ වරදකට දඬුවම් ලැබුණා.

ඒ Steven Smith සහ David Warner ට වසරක මෙන්ම Bancroft මාස 09ක තරග තහනමක් ලෙසයි.

කැන්ගරුවන් දකුණු අප්‍රිකා සංචාරයක නිරත වූයේ පසුගිය වසරේ මාර්තු මාසයේ.

මෙහි 3 වන ටෙස්ට් තරගයේදී පන්දුව පළුදු කිරීමේ චෝදනාවකට ඔස්ට්‍රේලියානු ස්ටීවන් ස්මිත් හා ඩේවිඩ් වෝනර්ට වෝනර් ට මෙන්ම Bancroft ට ක්‍රිකට් තරග තහනමක් පැනවුනා.

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයයි එම තීන්දුව ලබා දුන්නේ.

සිද්ධියට අදාළව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් ඔවුන්ට තරගයක තහනමක් හා දඩ මුදලක් පනවනු ලැබුවා.

එමෙන්ම දකුණු අප්‍රිකානු තරගාවලිය අතරතුර ස්ටීවන් ස්මිත්, වෝනර් සහ බැන්ක්‍රොෆ්ට් යළි සිය රට කැඳවා තිබුණා.

ඔවුන්ට වසර 2ක කාලයක් සඳහා ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කන්ඩායමේ නායකත්වය දැරීමේ තහනමක්ද පනවා තිබෙනවා.

තරග තහනමෙන් පසු මව්බිමට පැමිණි ඔස්ට්‍රේලියා හිටපු ටෙස්ට් නායක ස්ටීවන් ස්මිත් පළමු ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී කඳුළු සලමින් සමාව අයැද සිටියා.

කණ්ඩායමේ ක්‍රීඩකයින් පන්දුව පළුදු කිරීමට අදාළ සිදුවීමේ සියලු වගකීම් තමා භාර ගන්නා බවයි ඔස්ට්‍රේලියා හිටපු ක්‍රිකට් නායකයා එහිදී පවසා සිටියේ.

දකුණු අප්‍රිකාවට එරෙහි තුන්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ඔස්ට්‍රේලියා කණ්ඩායමේ කැමරන් බැන්ක්‍රොෆ්ට් පන්දුව පළුදු කළ බවට අනාවරණ වූවා.

පසුව හෙළි වූයේ, හිටපු නායක ස්ටීවන් ස්මිත් මෙන්ම උප නායක ඩේවිඩ් වෝනර් ද මේ පිළිබඳ දැනුවත්ව සිටි බවයි.

ස්ටීවන් ස්මිත්ගේ තහනම් කාලය මීට මාස කිහිපයකට පෙර අවසන් වුවත් එම ඉතිහාස මතකය යළි මතුව ආයේ පසුගියදා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව අතර තරගයේ දී.

ඒ ජුනි 09 වනදා එංගලන්තයේ ඕවල් ක්‍රීඩාංගන යේ දී.

තරගයේ එක් අවස්ථාවක ඔස්ට්‍රේලියානු හිටපු නායක ස්ටීවන් ස්මිත් හතරේ සීමාව ආසන්නයේ පන්දු රකිමින් සිටියදී ඉන්දීය ප්‍රේක්ෂකයින් පිරිසක් ඔහු සම්ච්චලයට හා නින්දාවට පත් කරමින් හැසිරෙමින් සිටියා.

ඒ වනවිට ඉන්දීය නායක විරාට් කෝලි පන්දුවට පහර දෙමින් සිටියා.

වහා ක්‍රියාත්මක වූ ඉන්දීය නායක විරාට් කෝලි සිය ප්‍රේක්ෂකයන්ගේ ක්‍රියාවට දැඩිව විරෝධය පළ කර සිටියා.

කෝලි සිය ප්‍රේක්ෂකයන් ට දන්වා සිටියේ සම්ච්චලයට ලක් නොකර අත්පුඩි ගසන ලෙසයි.

කෝලිගේ මෙම ක්‍රියාව ලෝක ක්‍රිකට් ලෝලීන්ගේ ප්‍රසාදයට හේතු වූවා.

ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ හිටපු නායක ස්ටීවන් ස්මිත්ට එරෙහිව තවදුරටත් අපහාස සිදු කිරීම අනුමත කළ නොහැකි බව ඉන්දීය නායක විරාට් කෝලි තරගයෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේ දී
අවධාරණය කළා.

වරදක් සිදු වීමෙන් පසුව එය පිළිගෙන තිබියදීත්, ඊට දඬුවම් විඳ තිබියදීත් තවදුරටත් නින්දාවට ලක්වන්නේ නම් එය කිසිසේත් අනුමත කළ නොහැකි බවයි කෝලි පෙන්වා දුන්නේ.

එය එසේ වුවත්, ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවති මෙවර ලෝක කුසලාන තරගයේ 20 වන තරගයේ දීත් පන්දුව පළුදු කිරීමේ ‘වැලි කඩදාසි’ මතකය මතුව තිබුණා.

ඒ සුදු ජාතිකයෙකුගේ ක්‍රියා කලාපයක් හේතුවෙන්.

ශ්‍රී ලංකාව පන්දුවට පහර දෙන අවස්ථාවේ පිටියේ සීමාව ආසන්නයේ සිටි ඔස්ට්‍රේලියා ක්‍රීඩකයන්ට ඒ සුදු ජාතිකයා අපූරු යෝජනාවක් ඉදිරිපත් කර තිබුණා.

අවස්ථා ගණනාවක දී මේ සුදු ජාතිකයා අසුනෙන් නැගිට සිදු කළ හැසිරීම කෙළවර වී තිබුනේ ආරක්ෂක අංශ මැදිහත්ව ඔහු හිඳුවා තැබීමෙන්.

සුදු ජාතිකයා  පන්දු රකින්නන් ට “මෙය ගෙනාවේ ඔබටයි” යනුවෙන් පවසා පෙන්වා තිබුනේ ඉටි බෑගයක බහා තිබූ වැලි කඩදහියක්.

එහි සිටි ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයෙකු මේ ගැන FB හි සටහන් තබා තිබෙනවා.

ඒ පහත ආකාරයෙන්…
——-

අද මැච් එකේ දැක්ක ආතල්ම සීන් එක

ඉස්සරහම පේලියෙ සුද්දෙක් වාඩිවෙලා ඉන්නව.
ඔසියො ෆීල්ඩ් කරන කොට මූ සැරින් සැරෙ නැගිටිනව… විසිල් ගහනව… කිට්ටුව ෆීල්ඩ් කරන උන්ට විසිල් ගහල කතා කරල බෑග් එකක් පෙන්නනව….

පොලිසියෙන් හරි සිකුරුටි එකෙන් හරි එනව… මූව වාඩි කරවනව…

සීන් එක දිගටම යනවා… පොඩ්ඩක් බලං ඉදල පල්ලෙහාට ගිහින් බැලුව… මූ මොන ජාතියෙ ඉත්තෑවෙක්ද කියල…

බැලින්නම් මූ පොලිතින් බෑග් එකක වැලි කඩදාසියක් දාගෙන ඇවිල්ලා…

ඔසියො බවුන්ඩ්‍රියෙ ෆීල්ඩ් කරන කොට මූ විසිල් ගහල කතා කරල

සැන්ඩ් පේපර් සැන්ඩ් පේපර් දිසිස් ෆෝ යූ කියල ඌට පෙන්නනව…

ඉත්තෑවොත් එක එක ජාතියෙ උන් ඉන්නව…

ඔසියොගෙ වැලිකඩ දාසි පිච්චං සින් එකට උගේ විරෝධය පෙන්නුවෙ එහෙමයි….

Your Comments