සිරිකොතේ පැවති හමුවක් අතරතුර උණූසුම් තත්ත්වයක්

22

එක්සත් ජාතික පක්ෂයේ නායක, රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගිත්වයෙන් සිරිකොතේ පැවැති වෘත්තීය සමිති නියෝජිත හමුව අතරමග නවතා දමා තිබෙනවා.
ඒ, හටගත් උණුසුම් තත්ත්වයක් හේතුවෙන්.
කෘත්‍යාධිකාරී මණ්ඩලය සඳහා නව සාමාජිකයින් පිරිසක් එක් කර ගැනීම එහිදී සිදු කිරීමට නියමිතව තිබූ බව වාර්තා වුණා.
සමගි ජන බලවේගයට සහය ලබා දෙන එක්සත් ජාතික පක්ෂ පළාත් පාලන ආයතන නියෝජිතයින් සම්බන්ධයෙන් ද මෙහිදී තීරණයක් ගැනීමට නියමිතව තිබූ බව සඳහන්.

Your Comments