සියලූම බන්ධනාගාර වෙත අමුත්තන් පැමිණීම අත්හිටුවයි

16

දිවයිනේ ඇති සියලූම බන්ධනාගාර වෙත අමුත්තන් පැමිණීම තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පවසනවා.
ඒ වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියෙකු කොරෝනා ආසාදිතයෙකු වශයෙන් ඊයේ තහවුරු කර ගැනීමත් සමගයි.
එම රැඳවියාගේ ආශ්‍රිතයන් සම්බන්ධයෙන් වන පී සී ආර් පරීක්ෂණ ආරම්භ වි ඇති අතර එම ආශ්‍රිතයින් පූනානි හි පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත ඊයේ යොමු කිරීමට ද පියවර ගැණුනා.

Your Comments