සියලු විශ්ව විද්‍යාල ඉදිරිපිට අද උද්ඝෝෂණයක්

3

දිවයින පුරා පිහිටි සියලු විශ්වවිද්‍යාල ඉදිරිපිට අද දිනයේ විරෝධතාවන් සිදුකරන බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය පවසනවා.

ඊයේ දිනයේ දී සිදුකළ විරෝධතාවක් අතරතුර පොලිස් අත්අඩංගුවට පත් එම ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු මහිල් බණ්ඩාර දෙහිදෙණිය නිදහස් කරන ලෙස ඉල්ලා මෙම විරෝධතා පවත්වන බවයි එහි වැඩ බලන කැඳවුම්කරු මංගල මද්දුමගේ කියා සිටියේ.

මේ අතර ඊයේ පැවති අන්තර්විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ විරෝධතාව අතරතුරදී අත්අඩංගුවට ගත් එහි කැඳවුම්කරු මහීල් බණ්ඩාර දෙහිදෙණිය ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

Your Comments