සියලුම ලංගම රියදුරන්ට සහ කොන්දොස්තරවරුන්ට මුඛ ආවරණ ලබාදෙන්න
සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමයෙන් ඇමති අමරවීරට ඉල්ලීමක්

18

නව කොරෝනා වෛරස අවදානම හමුවේ ලංගම රියැදුරන් හා කොන්දොස්තරවරුන් සියලු දෙනාට මුඛ ආවරණ ලබාදීමට කඩිනමින් මැදිහත්වන්නැයි සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගෙන් ඉල්ලීමක් කරනවා.
ලංගම රියැදුරන් හා කොන්දොස්තරවරුන් විශාල මගීන් පිරිසකට දෛනිකව සේවය ලබාදෙන බැවින් මුඛ ආවරණ අනිවාර්්‍යයෙන් අවශ්‍ය බවයි අමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කරමින් එම සංගමය පෙන්වා දෙන්නේ.
කඩිනමින් අදාල මුව ආවරණ ලබාදීම කෙරෙහි අවධානය යොමු කරන ලෙස ද අදාල ලිපිය මගින් ඔවුන් වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.
මේ අතර, පවතින කොරෝනා වෛරස අවධානම හේතුවෙන් ත්‍රී රෝද රථයකින් වරකට ප්‍රවාහණය කරන මගීන් සංඛ්‍යාව දෙදෙනෙකුට සීමා කරන්නැයි ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රීරෝද රථ සම්මේලනය දැනුම්දීමක් කරනවා.
නව කොරෝනා වෛරස අවධානම හමුවේ ත්‍රීරෝද රථ රියැදුරන් ආරක්ෂා කිරීමට රජයේ නිසි අවධානය යොමුවී නොමැති බවයි එහි සභාපති සුනිල් ජයවර්ධන මහතා පෙන්වා දෙන්නේ.
16_03_0700_ීඹභෂඛ

Your Comments