‘සිත හදන තුරු’ හරිත ප්‍රණාම සම්මානයෙනුත් පිදුම් ලබයි (PHOTOs)

28

සිත එෆ් එම් හරිත ප්‍රණාම සම්මානයෙන් පිදුම් ලැබුවා.

ඒ ජාත්‍යන්තර සිංහ සමාජ දිස්ත්‍රික් 306 A2 – 14 වන වාර්ෂික සම්මේලනයේදී.

සම්මාන උත්සවය ඊයේ පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණා.

එහිදී ගුවන් විදුලි මාධ්‍ය වෙනුවෙන් විශිෂ්ඨතා සම්මානය පිරිනැමුනේ සිත එෆ් එම් ‘සිත හදනතුරු’ ව්‍යාපෘතියටයි.

සම්මානය, සිංහාධිපති උදය ජයසූරිය සහ ප්‍රධාන ආරාධිත ‘නිව් වොයිසස්’ සංවිධානයේ ගෝලීය සභාපතිනි සංගීතා ජැටියා මහත්මිය අතින් සිත එෆ් එම් මාධ්‍ය කණ්ඩායම වෙත පිරිනැමුණා.

ශ්‍රී ලංකා යුධ හමුදාවේ පූර්ණ අධීක්ෂණයෙන් දහම් පහන නිර්මාතෘ චාර්ල්ස් තෝමස් සහෝදර තුමා හා එක්ව ‘සිත හදන තුරු’ ජාතික මෙහෙවර ආරම්භ කළේ පසුගිය වසරේ දී.

එහි සමාරම්භය 2018 වසරේ මැයි මස මුල දී යාපනය කලා ආයතන ප්‍රධාන ශාලාවේදී සිදු කෙරුණා.

උතුර සහ දකුණ යාකළ සහෝදරත්වයේ තුරු සෙවණ ‘සිත හදන තුරු’ 2018 ජුනි මස දී පැවැති ජාතික ව්‍යාපෘති කළමණාකරන සම්මාන උළෙලේ දී රන් සම්මානයට ද පාත්‍ර වුණා

Your Comments