සිත පෝ දා සජීව වැඩසහන වැඩසටහන කොත්මලේ මහවැලි මහ සෑ පුදබිමේ සිට

35

අනුබුදු මිහිදු මාහිමියන්ගේ ලංකාගමනය සිදු වු පොසොන් පුර පසළොස්වක පොහෝ දිනය අදයි.

මේ අතර පොසොන් පොහොය නිමිත්තෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ සිතින් කයින් හා වදනින් සංවරව මානව ප්‍රජාව ප්‍රමුඛ කරගත් සමස්ත පරිසරයටම යහපතක් උදාකරලීම උදෙසා කැපවීමට අද වැනි පොසොන් පෝ දිනක අධිෂ්ඨාන කර ගත යුතු බවයි.

මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද පොසොන් පෝ දින පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ බුදුන් වදාල ධර්මය අනුගමනය කරන්නේ නම් එම බාධක බිඳ දමමින් තිරසරව සාමය හා සංහිඳියාව රට ගොඩනැගීමට හැකි වනු ඇති බවයි.

ඒ සඳහා කැපවීමෙන් කටයුතු කිරීම අප සැමගේ වගකීමක් බවයි අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

පොසොන් පුන් පොහෝ දිනය කේන්ද්‍ර කර ගනිමින් සිත එෆ්.එම් නාලිකාව ඔස්සේ අද දිනය පුරා කොත්මලේ මහවැලි මහ සෑ පුදබිමේ සිට සජීවීව විවිධ ආගමික වැඩසටහන් ප්‍රචාරය වනවා.

එෆ්.එම් 88.6 සහ එෆ්.එම් 88.8 ඔස්සේ සැදැහැවතුන්ට එම වැඩසටහන් සඳහා සවන්දිය හැකියි.

අටසිල්, බුද්ධ වන්දනා, ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා ඇතුළු වැඩසටහන් රැසක් අද දිනය තුළ ක්‍රියාත්මක කිරීමටයි සිත එෆ්.එම්. සැළසුම් කර ඇත්තේ.

Your Comments