සැරයන් හෙට්ටිආරච්චිගෙන් නව ලෝක වාර්තාවක්

57

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පැරා මළල ක්‍රීඩා කමිටුව නියෝජනය කරන විජයබාහු පාබල රෙජිමේන්තුවේ ආබාධිත සැරයන් එච්.ඒ.සී.එස්. හෙට්ටිආරච්චි නව ලෝක වාර්ථාවක් පිහිටුවීමට සෙනසුරාදා (21) සමත් වුණා.

ඒ ශ්‍රී ලංකා ජාතික පැරාලිම්පික් කමිටුව විසින් කොළඹ, සුගතදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ දී පවත්වනු ලබන ජාතික පැරා මළල ක්‍රීඩා උළලේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ මීටර 62.11 ක දුරක් හෙල්ල විසිකරමින්.

හෙල්ල විසිකිරීමේ ඉසව්වේ මීට පෙර පැවති ලෝක වාර්ථාව මීටර 59.82 ක්.

දිවයින පුරා ක්‍රීඩා සමාජ 40 කට අධික ප්‍රමාණයක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 800 ක් පමණ මෙම පැරාලිම්පික් තරඟාවලිය සඳහා සහභාගි වූවා.

මෙම ක්‍රීඩා උළලේ දී ජවන හා පිටිය තරඟ ඉසව්වන්හි දක්‍ෂතා දැක්වීම සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 180කට අධික පිරිසක් සහභාගි වූවා.

2018 ඔක්තෝබර් පැවැත්වීමට නියමිත ආසියනු පැරා ක්‍රීඩා තරඟාවලිය සඳහා සහභාගි කරවීමට මෙන්ම ජාත්‍යන්තර මට්ටමේ තරඟ ඉසව්වන් සඳහා සහභාගි කරවීමට දක්‍ෂතා ඇති මළල ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුනාගැනීමට මෙම තරඟාවලියේ දී හැකිවනු ඇති.

මෙම ක්‍රීඩා උළෙල ක්‍රීඩා අමාත්‍යංශයේ අනුග්‍රහය යටතේ සංවිධානය කරනු ලැබුවා.

Your Comments