සැබෑ සිංහල බෞද්ධ ආණ්ඩුවක් බිහි වන්නේ සමගි ජන බලවේග ආණ්ඩුවක් පත්වීමෙන් පමණයි

10

සැබෑ සිංහල බෞද්ධ ආණ්ඩුවක් බිහිවන්නේ තමා ප්‍රමුඛ සමගි ජන බලවේගය බලයට පත්වීමෙන් පමණක් බව එම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කලා.
ඒ, තිස්සමහාරාම ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින්.

මේ අතර,තරුණ තරුණියන්ගේ රැකියා ප්‍රශ්ණයට පැහැදිලි විසඳුමක් දෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා
ඒ, නුවරඑළිය ප්‍රදේශයේදී තරුණ සමුළුවක් අමතමින්.

මේ අතර, කොරෝනා වසංගතයෙන් පසු ජන ජීවිතයට බලපාන ගැටලු ගණනාවක් උද්ගත වන බැවින් ඒවා මැඩලීමට නිසි සැලැස්මක් අවශ්‍ය බව එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
ඒ, ඊයේ රාත්‍රියේ පැවති ලියෝ දිස්ත්‍රික් සම්මේලනය අමතමින්.

මේ අතර, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට අයත් බලතල පළාත් පාලන ආයතන වෙත පැවරීම අනුමත කල නොහැකි බව සමගි ජන බලවේගය ප්‍රකාශ කළා.
ජන හමුවකට එක්වෙමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පෙන්වා දුන්නේ රජය මැතිවරණයට වැඩි උනන්දුවක් දැක්වීම හමුවේ වසංගත තත්වය ව්‍යාප්ත වූ බවයි.

මේ අතර, රටේ සැබෑ ප්‍රශ්ණ අමතක කරවීමට අග්‍රාමාත්‍යවරයා උත්සහ දරන බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා චෝදනා කළා.
ඒ, මීගමුව ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින්.

මේ අතර, පොලොන්නරුවේ ස්ථාන දෙකක පැවති ජනහමුවලදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ යන මහත්වරුන් අදහස් පළ කළා.

මේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය මහතා.

Your Comments