ස්ත්‍රී දූෂකයන්ට විෂ එන්නත්

82

ළමා අපචාර සහ ස්ත්‍රී දූෂකයන් විෂ රසායනික එන්නත් කර දිවි තුරන් කළ යුතු බව පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අවධාරණය කරනවා.

මේ පිළිබඳ තම කැබිනට් මණ්ඩලය තුළ තව දුරටත් සාකච්ඡා කෙරෙන බවයි ඉම්රාන් ඛාන් සඳහන් කළේ.

ඉම්රාන් ඛාන් මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කර සිටියේ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින්.

ස්ත්‍රී දූෂකයන් සහ ළමා අපයෝජකයින් ප්‍රසිද්ධියේ එල්ලා මරා දැමීම අනුමත කරන අග්‍රාමාත්‍යවරයා එමගින් ජනතාව දැනුම්වත් වන බව ද පෙන්වා දුන්නා.

කෙසේ වෙතත් ප්‍රසිද්ධියේ එල්ලා මැරීම ජාත්‍යන්තරව පිලිනොගන්නා තත්වයක් පෙන්නුම් කරන බැවින් ඒ වෙනුවට විෂ රසායනික එන්නත් කිරීම සුදුසු බවයි හෙතෙම කියා සිටියේ.

පසුගිය බදාදා ලාහෝර් නුවර ආසන්නයේ දී දෙදරු මවක සමූහ දූෂණයකට ලක්ව තිබුණා.

ඒ අනුව පාකිස්ථානයේ නගර රැසක උද්ඝෝෂණ ක්‍රියාත්මක වු අතර ඔවුන් ඉල්ලා සිටියේ වැරදිකරුවන්ට දැඩි දඩුවම් ලබා දෙන ලෙසයි.

නීතිය ක්‍රියාත්මක වීමේ ප්‍රමාදය හේතුවෙන් සැකකරුවන්ට දඩුවම් දීම තවදුරටත් ප්‍රමාද වන බව උද්ඝෝෂකයින් පෙන්වාදෙන්වා.

තිස් හැවිරිදි මවක දරු දෙදෙනා සමග මහා මාර්ගයක සිටියදී සමූහ දූෂණයකට ලක්ව සිටි බවයි පොලිසිය පැවසුවේ.

ඇය පැදවූ මෝටර් රථය දෝෂයකට ලක්ව තිබූ අතර ඒ සම්බන්ධයෙන් පොලීසියෙන් උදව් ඉල්ලා තිබුණා.

කෙසේ වෙතත් පොලිස් නිලධාරීන් පැමිණීමට පෙර පුද්ගලයින් දෙදෙනෙකු එම ස්ථානයට පැමිණ ආයුධ පෙන්වා බිය ගන්වා ඇය වාහනයෙන් ඉවත් කර ගෙන තිබෙනවා

සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පංජාබ් පොලීස් ප්‍රධානියා සඳහන් කළේ.

පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ප්‍රකාශ කර ඇත්තේ කාන්තාවන් ආරක්ෂා කිරීම රජයේ ප්‍රමුඛ වගකීමක් බවයි.

Your Comments