සහරාන් සමඟ පුහුණුව ලැබු තවත් තිදෙනෙකු අම්පාරේදී අල්ලයි

28

ජමාතේ මිල්ලතේ ඊබ්‍රහිම් (JMI) තහනම් සංවිධානයේ තවත් ක්‍රියාකාරින් තිදෙනෙකු අද අම්පාර ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

සැකකරුවන් තිදෙනා අතරින් දෙදෙනෙකු නුවරඑළිය පුහුණු කඳවුරේත් අනෙක් පුද්ගලයා හම්බන්තොට පුහුණු කඳවුරුවුරේත් මොහොමඞ් සහරාන් නැමති ත්‍රස්තවාදියා සමග පුහුණුව ලබා ඇති බව අනාවරණ වී ඇති බවයි පෙලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියා සිටියේ.

ඔවුන් තිදෙනාම මාවනැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර අම්පාර පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණය යටතේ සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ සිදුවන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.

Your Comments