සහරාන් සමග පුහුණුව ලැබූ අරණායක තාජුඩීන් මහරගමදී අල්ලයි

110

සහරාන් හෂීම් සමග පුහුණුව ලැබූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ මහරගම ප්‍රදේශයේ දී.

20 හැවිරිදි සැකකරු අරණායක දිප්පිටිය ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් තාජුඩීන් ආෂිෆ් අහමඩ් බවයි පොලිස් මූලස්ථානය පැවසුවේ.

නාවික හමුදා බුද්ධි අංශයේ ද සහය ඇතිව ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගත් සැකකරු මහරගම ඇඟලුම් කම්හලකට පැමිණ ඇත්තේ දින 03කට පෙරයි.

මොහොමඩ් තාජුඩීන් ආෂිෆ් අහමඩ් නුවරඑළිය බ්ලැක්පූල් ප්‍රදේශයේදී පුහුණුවීම් ලබා ඇත්තේ පාස්කු ඉරුදින ප්‍රහාර මාලාවට නායකත්වය සැපයු මොහොමඩ් සහරාන් සමගයි.

Your Comments