සමගි ජනබලවේගයේ ජාතික ලැයිස්තුව මෙන්න

144

සියලු දේශපාලන පක්ෂවලින් ඉදිරිපත් කරන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර හෙට දිනය වන විට ලබා දෙන ලෙස මැතිවණ කොමිසන් සභාව සියලු දේශපාලන පක්ෂවලින් ඉල්ලීමක් කරනවා.

එක්සත් ජාතික පක්ෂය සහ අපේ ජන බලවේගය යන පක්ෂ ජාතික ලැයිස්තුව සඳහා මෙතෙක් මන්ත්‍රීවරුන් නම් කර නැහැ.

ජාතික ජලබලවේගයේ මන්ත්‍රී ධූරය සඳහා ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ඊයේ දිනයේ නම් කරනු ලැබුවා.

සමගි ජනබලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර 7 සඳහා රංජිත් මද්දුම බණ්ඩාර, හරීන් ප්‍රනාන්දු, ඉමිතියාස් බාකිර් මාකර්, තිස්ස අත්තනායක, එරාන් වික්‍රමරත්න, මයන්ත දිසානායක සහ ඩයනා ගමගේ යන මහත්ම මහත්මීන් නම් කර තිබෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මෙවර මහ මැතිවරණයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර 17ක් හිමි වුණා.

මැතිවරණයේ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව අදාළ නම් මැතිවරණ කොමිසම වෙත භාර දීමටයි එම පෙරමුණ කටයුතු කළේ.

මේ අතර එක්සත් ජාතික පක්ෂය තුළ හටගෙන ඇති අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් වන තවත් විශේෂ සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්වෙනවා.

ඒ, පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨයින් අතරයි.

ඒ අනුව පස්වරු දෙකට සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී සාකච්ඡාව ආරම්භ කෙරෙනු ඇති.

එක්සත් ජාතික පක්ෂයට නව නායකයෙකු තෝරාගැනීම සඳහා සාකච්ඡා වට කිහිපයක් පසුගිය දින කිහිපයේ දී පැවත්වුණා.

එම සාකච්ඡා අවසන් වූයේ විසඳුමකින් තොරවයි.

නම් කිහිපයක් ඒ සඳහා යෝජනා වී ඇති අතර අද දිනයේ දී එක් අයෙකු පත් කර ගැනීමට නියමිත බව ද වාර්තා වුණා.

Your Comments