සභාග ආණ්ඩුව ගැන සාකච්ඡාවට මහින්දගේ ප්‍රධානත්වයෙන් හෙටත් සාකච්ඡාවක්

22

16 දෙනාගේ කණ්ඩායම සහ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පක්ෂවල නායකයින්ගේ හමුවක් හෙට දිනයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා පැවසුවේ පවතින දේශපාලන වාතාවරණය සහ භාරකාර ආණ්ඩුවක් පිළිබඳව මතුව ඇති සාකච්ඡාව පිළිබඳව එහිදී අවධානය යොමු කිරීමට නියමිත බවයි.
මේ අතර ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයින් ඊයේ පස්වරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග සාකච්ඡා කරනු ලැබුවා.
සභාග ආණ්ඩුවක් නිර්මාණය කරන්නේ නම් ඒ පිළිබඳ අවසන් තීරණයක් ගැනීමේ බලය හිටපු ජනාධිපතිවරයාට පැවරීමටයි එහිදී තීරණය වී ඇත්තේ.
කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් නායකත්වය දැනුවත් කිරීමකින් තොරව ප්‍රකාශ නිකුත් නොකළ යුතු බවට මෙහිදී එකඟතාවයකට පැමිණි බවයි රංජිත් සොයිසා මහ.ා නිව්ස් 24 වෙත පැවසුවේ.

 

Your Comments