සභාග ආණ්ඩුව ගැන සාකච්ඡාවට 16 කණ්ඩායම මහින්ද හමුවෙයි

17

16 දෙනාගේ කණ්ඩායම සහ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පක්ෂවල නායකයින්ගේ හමුවක් අද දිනයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා පැවසුවේ පවතින දේශපාලන වාතාවරණය සහ භාරකාර ආණ්ඩුවක් පිළිබඳව මතුව ඇති සාකච්ඡාව පිළිබඳව එහිදී අවධානය යොමු කිරීමට නියමිත බවයි.
මේ අතර ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයින් ඊයේ පස්වරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග සාකච්ඡා කරනු ලැබුවා.
සභාග ආණ්ඩුවක් නිර්මාණය කරන්නේ නම් ඒ පිළිබඳ අවසන් තීරණයක් ගැනීමේ බලය හිටපු ජනාධිපතිවරයාට පැවරීමටයි එහිදී තීරණය වී ඇත්තේ.

Your Comments