සබරගමුව මහ සමන් දේවාල පෙරහර මංගල්ලය ජාතික උත්සවයක් කෙරෙයි

33

ඓතිහාසික සබරගමුව මහ සමන් දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යය ජාතික උත්සවයක් බවට ප‍්‍රකාශ කිරීමේ මහෝත්සවය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ සබරගමුව මහ සමන් දේවාල පරිශ‍්‍රයේ දී පැවැත්වුණා.

ඓතිහාසික සබරගමුව සමන් දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර සබරගමුවේ අනන්‍යතාවය ප‍්‍රදර්ශනය කරමින් ඊයේ අභිමානවත් අයුරින් පැවැත්වීමටයි කටයුතු යොදා තිබුණේ.

ඊයේ පස්වරුවේ එම පුද බිම වෙත ගිය ජනාධිපතිවරයා, පළමුව ආගමික වතාවත්වල නිරත වූ අතර, අනතුරුව ශ‍්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය බෙන්ගමුවේ ධම්මදින්න නායක ස්වාමින්වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබා ගත්තා.

පසුව ඓතිහාසික සබරගමු මහා සමන් දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යය ජාතික උත්සවයක් බවට පත්කරමින් ඊට අදාළ ප‍්‍රකාශය ඉදිරිපත් කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

සමන් දෙවිඳු මුල් කරගෙන පවත්වනු ලබන මෙම ඇසළ පෙරහරට කලක් තිස්සේ ගොඩනැඟු‍ණු සම්ප‍්‍රදායන් රැසක් එක්ව ඇති අතර එම සංස්කෘතික වටිනාකම් රැකගනිමින් ජාතික උලෙළක් ලෙස මෙම පෙරහර මංගල්‍යය සාර්ථක කර ගැනීම වෙනුවෙන් ජනාධිපතිවරයාගේ මගපෙන්වීමෙන් එය ජාතික උත්සවයක් බවට පත්කිරීමට පියවර ගැණුනා.

Your Comments