සන්ධානය හෙටත් පාර්ලිමේන්තුව වර්ජනය කිරීමට සූදානම්

26

හෙට දිනයේදිත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රී  කණ්ඩායම පාර්ලිමේන්තුවට නොපැමිණෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනෙෂ් ගුණවර්ධන මහතා පවසනවා.
අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.
තමන්ගේ අභිමතය පරිදි න්‍යාය පත්‍රයක් සකස් කරමින් කථානායකවරයා මෙලෙස පර්ලිමේන්තුව කැඳවා ඇති බවයි හෙතෙම කියා සිටියේ.
එමෙන්ම අභියාචනාධීකරණය විසින් ලබා දුන් අතුරු තහනම් නියෝගයෙන් කිසිඳු විටකදි අග්‍රාමාත්‍ය ධුරය සහ අමාත්‍ය මණ්ඩලය තහනම් නොකල බවයි දිනේෂ් ගුණවර්ධන මහතා අවධාරණය කළේ.

 

Your Comments