සජිත්ගේ සමගි ජන බලවේගයේ ප්‍රධාන කාර්යාලය විවෘත වෙයි

19

සමඟි ජන බලවේගයේ ප්‍රධාන පක්ෂ කාර්යාලය එහි නායක, හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ විවෘත කෙරුණා.
ඒ, ඇතුල්කෝට්ටේ – ඊ.ඩබ්ලිව්. පෙරේරා මාවතේ අංක 815 දරණ ස්ථානයේදියි.
එය එක්සත් ජාතික පක්ෂයේ මූලස්ථානය වන සිරිකොත ආසන්නයේ පිහිටා තිබීමද විශේෂත්වයක්.
සමඟි ජනබලවේගයේ පක්ෂ කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එහි මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා ඇතුලු පිරිසක් එක්ව සිටියා.
මේ අතර, මගි ජන බල වේගය සන්ධානයේ ලාංඡනය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා බව එම සන්ධානයේ නායක හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළා.
ඒ, නිට්ටඹුව ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින්.

Your Comments