සංචාරය කළ යුතු ලොව හොඳම දිවයින ශ්‍රී ලංකාවයි – නවතම ශ්‍රේණිගත කිරීම මෙන්න (PHOTOs)

47

2019 වසරේදී සංචාරය කළ යුතු හොඳම දිවයින ශ්‍රී ලංකාව බවට අමෙරිකානු සංචාරක සඟරාවක් වන ට්‍රැවල් ඇන්ඩ් ලෙෂර් විසින් නිර්දේශ කර තිබෙනවා.

වනජීවීන්, සාගර ජීවීන්, තේ කර්මාන්තය සහ මුහුදු වෙරළ වැනි සාධක සැළකීමේදී ශ්‍රී ලංකාවට එම තත්වය හිමිවන බවයි ඔවුන් නිකුත් කළ නවතම ශ්‍රේණිගත කිරීමේ දැක්වෙන්නේ.

මාලදිවයින, හවායි, ග්‍රීක දූපත් වැනි අතිශය ජනප්‍රිය සංචාරක නිකේතන පරදවා ශ්‍රී ලංකාව මෙම ශ්‍රේණිගත කිරීම හිමිකර ගැනීම විශේෂත්වයක්.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව වුවද ශ්‍රී ලංකාව සංචාරය කිරීමට සුදුසුම දූපතක් බවයි ට්‍රැවල් ඇන්ඩ් ලෙෂර් සඟරාව සඳහන් කරන්නේ.

මෙම වසරේදී සංචාරයට සුදුසුම රට ශ්‍රී ලංකාව බව පසුගියදා නිකුත් කල ලෝන්ලි ප්ලැනට් සඟරාවද කියාසිටියා.

ට්‍රැවල් ඇන්ඩ් ලෙෂර් දක්වා ඇති ආකාරයට ශ්‍රී ලංකාව පළමු ස්ථානයට පත්ව ඇත්තේ ලකුණු 92.12ක් ලබා ගනිමින්.

පසුගිය වර්ෂවල මෙම ශ්‍රේණිගත කිරීමවල පැවති රටවල් කිහිපයක් ස්ථාන වෙනස් වෙමින් මෙවරද රැඳී සිටින අතර මෙම ශ්‍රේණිගත කිරීමට පැමිණි නවකයා පළමු ස්ථානයම හිමි කර ගත් බවද travel and leisure විශේෂයෙන් දක්වා තිබෙනවා.

සෑම වසරකම travel and leisure ලොව පුරා සංචාරක අත්දැකීම් කිරා මැන බැලීමට රටවල්, දූපත්, නගර, නැව්, ස්පා, ගුවන් සමාගම් සහ තවත් බොහෝ දේ යොදා ගනී.

සංචාරකයන්ගේ ක්‍රියාකාරකම්, දර්ශන, ස්වාභාවික ආකර්ශනීය ස්ථාන සහ මුහුදු වෙරළ, ආහාර, සුහදතාවය සහ සමස්ත වටිනාකම අනුව දූපත් ශ්‍රේණිගත කෙරෙන බවයි travel and leisure අනාවරණ කළේ.

නවකයා පළමු තැන ගත් ඔවුන් ශ්‍රේණිගත කළ ලොව හොඳම දූපත් 15 පහතින්…

The 15 Best Islands in the World

1. Sri Lanka – Score: 92.12

2. Palawan, Philippines – Score: 90.87

3. Bali, Indonesia – Score: 90.76

4. Milos, Greece – Score: 90.50

Photo Taken In Mílos, Greece

5. Maldives – Score: 90.48

6. Anguilla – Score: 90.28

The village of Sandy Ground is Angulla’s main port.

7. Crete, Greece – Score: 90.12

Lagoon of Balos

8. Cape Breton Island, Nova Scotia, Canada – Score: 90.06

Cape Breton Highlands Nation Park

9. Koh Lanta, Thailand – Score: 90.00

(Photo by: Sergi Reboredo/VW Pics/UIG via Getty Images)

10. Azores, Portugal – Score: 89.77

Lagoa de Santiago and Lagoa Azul on San Miguel island of Azores, panorama

11. Páros, Greece – Score: 89.37

Griechenland; Kykladen; Paros; Hafen

12. Fiji Islands – Score: 89.18

Photo taken in Lautoka, Fiji

13. Galápagos Islands, Ecuador – Score: 88.73

Colony of sea lions crawling on white sandy beach, in background clear blue sky. In front view turquoise sea. Mosquera island, Galapagos

14. Santorini, Greece – Score: 88.53

15. Maui, Hawaii – Score: 88.32

 

Your Comments