සංචාරක හෝටල් වැට් බද්ද 5%ක් දක්වා පහලට

16

සංචාරක හෝටල් සඳහා පනවා තිබූ වැට් බද්ද සියයට 15 සිට සියයට 5 දක්වා අඩුකිරීමට රජය තීරණය කළ බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා.
ඔහු වැඩිදුරටත් පැවසුවේ සංචාරක හෝටල්වල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මිලදී ගන්නා ආරක්ෂක උපකරණවල බදු සම්පුර්ණයෙන්ම ඉවත් කිරීමට රජය තීරණය කර ඇති බවයි.
පාස්කු ඉරිදා එල්ලවූ මරාගෙන මැරෙන ප්‍රහාර මාලාවත් සමඟ රටේ ඇතිවූ හදිසි තත්වය හේතුවෙන් සංචාරකයන් පැමිණීම ඝ්‍රීග්‍ර ලෙස පහත වැටී තිබෙනවා.
ඒ අනුව සංචාරක කර්මාන්තයේ සිදුවන පසුබැසීම වළක්වාගැනීම සඳහා මෙම තීරණය ගත් බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

Your Comments