සංගිතවේදී එච් එම් ජයවර්ධනයන් අභාවප්‍රාප්ත වෙයි

21

සංගීත ක්ෂේත්‍රයට මහඟු සේවයක් සිදු කළ ප්‍රවීන සංගීතවේදී එච්.එම්. ජයවර්ධන මහතා අද අභාවප්‍රාප්ත වුණා.
කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා මියයන විට පසු වුණේ 69 වන වියේයි
සිය බිරිඳ වන අභාවප්‍රාප්ත ප්‍රවීන ගායන ශිල්පිණි විශාරද මාලනී බුලත්සිංහ ගායනා කරන රජමැදුර ඉපදී සිටියා නම් ගීතය මොහු විසින් තනු නිර්මාණය කරනු ලබන පළමු ගීතය වනවා.
ඉන් අනතුරුව ප්‍රේමය නම්, පෙම් ලොවදී දුටු ඔහුමද මේ, සඳ තරු නිහඩයි, ඔබයි රම්‍ය සඳ කිරණ, කඩ මන්ඩියේ දොල අයිනේ, ලා දළු බෝ පත්, පූජාසනයේ ඔබ හිදුවා සහ ඇය යන්න ගියා මැකිලා ආදි ජනප්‍රිය ගීත රැසක තනු නිර්මාණය කර ඇත්තේ මොහු විසින්
එච්. එම්. ජයවර්ධන මහතා ජනප්‍රිය ගායක කසුන් කල්හාරගේ පියා ද වනවා.

Your Comments