ශීත ඍතුවේ සංචාරයට හොඳම රට ශ්‍රී ලංකාවයි – USA ටුඩේ ප්‍රසිද්ධ කරයි [PHOTOs]

64

එළඹෙන ශීත ඍතු සමයේ සංචාරය කිරීම සඳහා තෝරා ගත යුතු ලොව හොඳම රටවල් 20ක් පිළිබඳ usatoday.com වෙබ් අඩවිය ප්‍රසිද්ධ කර තිබෙනවා.

එහි පළමු ස්ථානයේ දක්වන්නේ ශ්‍රී ලංකාවයි.

ඉන්දීය සාගර කලාපයේ පිහිටි ඉතා සුන්දර දිවයිනක් ලෙස ශ්‍රි ලංකාවේ, ඓතිහාසික මෙන්ම පාරිසරික වශයෙන් ද, ආකර්ශනීය ස්ථාන රැසක් පිහිටා ඇති බව usatoday.com පෙන්වා දෙනවා.

ශ්‍රී ලංකාව එලෙස ශීත ඍතු සමයේ සංචාරය කිරීම සඳහා සුදුසුම රට බවට පත්ව ඇත්තේ තායිලන්තය, ඉන්දුනීසියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, වියට්නාමය, දකුණු අප්‍රිකාව, බ්‍රසීලය, මෙක්සිකෝව, ඕස්ට්‍රේලියාව මෙන්ම නවසීලන්තය ද ඇතුළු රටවල් 19ක් අභිබවා යමින්.

දෙසැම්බර් සහ පෙබරවාරි අතර කාලය තුළ යුරෝපය ඇතුළු රටවල් රැසකට අධික හිම සහිත කාලගුණ තත්ත්වයක් හට ගැනෙනවා.

එවන් වාතාවරණයන් හමුවේ සංචාරකයන් පෙළඹෙන්නේ උණුසුම් කාලගුණයක් සහිත රටවල සංචාරයටයි.

මේ අතර පාස්කු ප්‍රහාරයෙන් පසුව වුවද සංචාරයට සුදුසුම රට ශ්‍රී ලංකාව බව පසුගියදා ලෝන්ලි ප්ලැනට් සංචාරක සඟරාව ද ප්‍රකාශ කළා.

එසේම 2019 වසරේදී සංචාරය කළ යුතු හොඳම දිවයින ශ්‍රී ලංකාව බවට අමෙරිකානු සංචාරක සඟරාවක් වන ට්‍රැවල් ඇන්ඩ් ලෙෂර් විසින් ද නිර්දේශ කළා.

usatoday.com දක්වා ඇති ශීත ඍතු සමයේ සංචාරය කිරීම සඳහා සුදුසුම රටවල් 20 පිළිවෙලින් මෙසේයි.

1. Sri Lanka

Jane1e/Getty Images/iStockphoto

2. Galápagos Islands

SL_Photography, Getty Images/iStockphoto

3. Dubai, United Arab Emirates

Britus/Getty Images/iStockphoto

4. Hanoi, Vietnam

NicolasMcComber/Getty Images/iStockphoto

5. Buenos Aires, Argentina

Grafissimo/Getty Images

6. Saint Lucia

nzeissig/Getty Images/iStockphoto

7.  Ko Samui, Thailand

LP7/Getty Images

8. Lima, Peru

Antorti/Getty Images

9. St. Kitts

mbrand85/Getty Images/iStockphoto

10. Ambergris Caye, Belize

Michael Conlin/Getty Images/iStockphoto

11. Bali, Indonesia

NicolasMcComber/Getty Images/iStockphoto

12. Trancoso, Brazil

diegograndi/Getty Images/iStockphoto

13. Puerto Vallarta, Mexico

14. Key West, Florida

vwalakte/Getty Images/iStockphoto

15. Siem Reap, Cambodia

MikeFuchslocher/Getty Images/iStockphoto

16. Auckland, New Zealand

Huafires/Getty Images/iStockphoto

17. Santiago, Chile

Leonardospencer/Getty Images/iStockphoto

18. Stellenbosch, South Africa

Jon11/Getty Images/iStockphoto

19. Sydney, Australia

Sourabhj/Getty Images/iStockphoto

20. Jamaica

Narvikk/Getty Images/iStockphoto

Your Comments