ශ්‍රී ලංකා – නවසීලන්ත ක්‍රිකට් සංග්‍රාමයේ නිල ගුවන් විදුලි විකාශන අයිතිය ‘සිත’ ට හිමිවෙයි

29

සංචාරක නවසීලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියේ දේශීය ගුවන් විදුලි විකාශන අයිතිය සිත FM වෙත හිමිව තිබෙනවා.

ඒ අනුව ටෙස්ට් තරග 2 කින් සහ T20 තරග 3 කින් සමන්විත ක්‍රිකට් තරගාවලියේ සම්පූර්ණ විස්තර විචාරය සජීවීව ගෙන එන්න FM 88.8 සහ FM 88.6, සිත FM ඔස්සේ යි.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙශීය ගුවන් විදුලි විකාශන අයිතිය හිමිවූ යේ ද සිත FM වෙතට යි.

සංචාරක නවසීලන්ත කණ්ඩායම සමග පළමු ටෙස්ට් තරගය ලබන 14 වනදා ගාල්ලේ දී ආරම්භ කෙරෙනු ඇති.

දෙවන ටෙස්ට් තරගය කොළඹ පී. සරා ක්‍රීඩාංගණයේ දී ආරම්භ වන්නේ ලබන 22 දා.

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පන්දුවාර 20-20 තරග තුනම මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

ඒ, කොළඹ ආර්.පේ‍්‍රමදාස ක්‍රීඩාංගනයේ පේ‍්‍රක්ෂකාගාර කිහිපයක ඇති ගැටලු‍වක් හේතුවෙන්.

මීට පෙර අදාළ තරගාවලියේ පළමු 20-20 තරග 2 කොළඹ ආර්.පේ‍්‍රමදාස ක්‍රීඩාංගනයේ දී ද, අවසන් 20-20 තරගය මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී ද පැවැත්වීමට නියමිතව තිබුණා.

අගෝස්තු 14 වැනිදා සිට සිත FM ඔස්සේ ශ්‍රී ලංකා – නවසීලන්ත ක්‍රිකට් උණුසුම පන්දුවෙන් පන්දුව සජීවී විස්තර විචාරයට සවන් දිය හැකියි.

Your Comments