ශ්‍රී ලංකා කෙන්යා ජනපතිවරුන් හමුවෙයි

7

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ කෙන්යා ජනාධිපති උහුරු කෙන්යාටා අතර සාකච්ඡාවක් ඊයේ පස්වරුවේ පවත්වා තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ එහිදී එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ සිව්වන සැසිවාරය ඉතා සාර්ථක අන්දමින් සංවිධාන කර තිබීම පිළිබඳ ජනාධිපතිවරයා සිය සතුට පළ කළ බවයි.

සමුළුවේදී ගත් තීන්දු තීරණ ක්‍රියාවට නැංවීම සඳහා සාමාජික රටක් ලෙස උපරිමයෙන් කැපවන බව ද ජනාධිපතිවරයා එහිදී සඳහන් කළා.

පරිසර හිතකාමී නායකයෙකු ලෙස ජනාධිපතිවරයාගේ වැඩපිලිවෙල කෙන්යා ජනාධිපතිවරයාගේ ඇගයීමට ලක්ව තිබෙනවා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කෙන්යා සංචාරයත් සමග දෙරට අතර සහයෝගිතාව වඩාත් පුළුල් වනු ඇති බවට කෙන්යානු ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

Your Comments