ශ්‍රී ලංකාව ලකුණු 87කින් පරදා ඔස්ට්‍රේලියාව ප්‍රසාද ලකුණු සටහනේ මුලටම එයි

119

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 20 වන තරගයේ

ශ්‍රී ලංකාව ඔස්ට්‍රේලියාව හමුවේ ලකුණු 87කින් පරාජයට පත්වූවා.

ඒ අනුව ප්‍රසාද ලකුණු 8ක් ලබා ගනිමින් ඔස්ට්‍රේලියාව ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණටම පැමිණියා.

තරගයේ කාසියේ වාසිය දිනා ගත්තේ ශ‍්‍රී ලංකා කණ්ඩායමයි.

පළමුව පන්දු රැකීමට ඒ අනුව නායක දිමුත් කරුණාරත්න තීරණය කළා.

පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව ළකුණු 33ක් ලබා ගත්තේ කඩුලු 7කටයි.

ආරෝන් ෆින්ච් ලකුණු 153යි.

පන්දු යැවීමේ දී ඉසුරු උදාන සහ ධනංජය ද සිල්වා කඩුලු 2 බැගින් බිඳ දැම්මා.

ලන්ඩන් නුවර කෙනින්ටන් ඕවල් ක්‍රීඩාංගනයේ දී ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකාවට ලබා ගත හැකි වූයේ ලකුණු 247ක් පමණයි.

ඒ පන්දුවාර 45යි පන්දු 5කදී සියල්ලන් දැවී යාමෙන්.

දිමුත් කරුණාරත්න ලකුණු 97කට දැවී ගියා.

Your Comments