ශ්‍රී ලංකාව – මවගෙන් දරුවාට එච් අයි වී ආසාදනය තුරන් කරයි – සහතිකය නුදුරේදීම

18

මවගෙන් දරුවාට එච්.අයි.වී බෝවීම තුරන් කළ රටක් ලෙස ශ්‍රී ලංකාවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහතිකය නුදුරේදීම හිමිවන බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා.

ද සොයිසා කාන්තා රෝහලේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

මේ අතර ලබන 15 වැනිදා සිට ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්ම රාත්‍රී කාලයේදීත් සිදු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

විෂන් – 2020 වැඩසටහනේ ජාතික සම්බන්ධීකාරක අක්ෂි විශේෂඥ වෛද්‍ය මංගලා ගමගේ මහත්මිය ප්‍රකාශ කළේ, දිවයින පුරා රෝහල් 10 කදී එම ශල්‍ය කර්ම සිදුකිරිමට නියමිත බවයි.

ඒ අනුව ලබන 15 වැනිදා සිට පස්වරු 4 න් පසු කොළඹ අක්ෂි රෝහල , මහනුවර ශික්ෂණ රෝහල, අනුරාධපුර, රත්නපුර, කන්තලේ, ත්‍රිකුණාමලය, කල්මුණේ උතුර, මඩකළපුව, වවුනියාව, නාවලපිටිය යන රෝහල්වල මෙම ශල්‍යකර්ම සිදු කරනු ඇති.

ඇසේ සුද මතුවීමේ රෝගයට ලක්වන සෑම අයකු සඳහා ම එම ශල්‍යකර්මයට අවශ්‍ය වන අක්ෂි කාච නොමිලේ ලබාදෙන ලෙසට සෞඛ්‍ය අමාත්‍යාංශය අවශ්‍ය උපදෙස් ලබාදී තිබෙනවා.

Your Comments