ශ්‍රී ලංකාවේ නව අමෙරිකානු තානාපතිනිය ඇලයිනා ටෙප්ලිට්ස්

16

ශ්‍රී ලංකාවේ නව ඇමෙරිකානු තානාපතිනිය ලෙස ඇලයිනා ටෙප්ලිට්ස් නම් කර තිබෙනවා.
ඇය මාලදිවයිනේ තානාපතිනිය ලෙස ද කටයුතු කිරීමට නියමිතයි.
මීට පෙර ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිවරයා වශයෙන් කටයුතු කළ අතුල් කේෂප් 2015 වසරේ සිට මෙම වසරේ ජූනි මාසය දක්වා මෙරට සහ මාලදිවයිනේ තානාපතිවරයා වශයෙන් කටයුතු කළා.
අමෙරිකානු විදේශ සබඳතා පිළිබඳ සෙනට් කමිටුවේ ඉදිරියේ ඇලයිනා ටෙප්ලිට්ස් ප්‍රකාශ කර ඇත්තේ ඉන්දු ශාන්තිකර කලාපයේ පුළුල් ආරක්ෂාව සහ සෞභාග්‍යය සඳහා ශ්‍රී ලංකාව සහ මාලදිවයින ඉතා වැදගත් වන බවයි.
දූෂණය, ගැටුම් හා මර්දනය ප්‍රතික්ෂේප කර ප්‍රතිසංස්කරණ, සංහිඳියාව හා වගවීමේ වැඩසටහන තුළ ප්‍රගතියක් මෙරට දක්නට ලැබෙන බව ද ඇය එහිදී පෙන්වා දී තිබෙනවා.
කෙසේ වෙතත් යුක්තිය ඉටු කිරීම හා ප්‍රතිසංස්කරණවල ප්‍රගතිය ඉතා මන්දගාමී බවයි ඇය ප්‍රකාශ කර ඇත්තේ.
අමෙරිකානු විදේශ සේවාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක වන ඇලයිනා ටෙප්ලිට්ස් එරට රාජ්‍ය දෙපාර්තමේන්තුවට එක්ව ඇත්තේ 1991 වසරේදීයි.
විදේශ සේවය යටතේ තනතුරු රැසක් හොබවා තිබෙන ඇය ඇෆ්ගනිස්තානය, පාකිස්තානය ඇතුළු දකුණු ආසියානු රටවල් කිහිපයකම රාජකාරීවල නිරත ව තිබෙනවා.
අවසන් වරට ඇය නේපාලයේ ඇමෙරිකානු තානාපතිය ලෙස කටයුතු කර ඇති බව සඳහන්.

Your Comments