ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස ආසාදිතයින් ගණන 1182ක් වෙද්දි මරණ සංඛ්‍යාව 10 දක්වා ඉහළට

20

කොරෝනා වෛරසය ආසාදනය වූ නව රෝගීන් 41 දෙනෙක් අද(25) පස්වරු 7.30 පමණ වන විට වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා.
ඒ අනුව මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ සමස්ත සංක්‍යාව 1182ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
අද දිනයේ වාර්තා වූ ආසාදිතයින්ගෙන් බහුතරය කුවේටයේ සිට මෙරටට පැමිණි පිරිස් බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේ.
ඒ අනුව මේ වන විට කොරෝනා ආසාදිත 477 දෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිනවා.
මේ අතර මෙරට කොරෝනා ආසාදිත 10 වන මරණය ද වාර්තා වූවා. ඒ ත්‍රිකුණාමලය මන්කිබ්‍රිජ් නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධානයට ලක්වෙමින් සිටි පයාගල ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි කාන්තාවකි.
කොරෝනා වෛරසය ආසාදිතව සුවය ලැබූවන්ගේ සංඛ්‍යාවද අද දිනයේ 695ක් දක්වා ඉහළ ගියා. අද දිනයේ සුවය ලැබූ සංඛ්‍යාව 21ක්.
කෙසේ වෙතත් කොරෝනා බවට සැකය මත තවත් පුද්ගලයන් 79 දෙනෙක් රෝහල්ගතව වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් සිටින බවද වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා.

Your Comments