ශ්‍රී ලංකාවේදී හමු වූ පළමු කොරෝනා ආසාදිතයා සුවය ලබා රෝහලෙන් පිටව යයි

40

ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ පළමු කොරෝනා ආසාදිතයා වූ මත්තෙගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි සංචාරක මග පෙන්වන්නෙකු ලෙස කටයුතු කළ පුද්ගලයා පූර්ණ සුවය ලබා අංගොඩ බෝවන රෝග විද්‍යාතනයෙන් ඊයේ(23) පිටත්ව ගොස් තිබෙනවා.
පනස් දෙහැවිරිදි ඔහුට පසුගිය 11 වන දින කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් අනතුරුව IDH රෝහලට ඇතුළත් කෙරුණා.
නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමෙන් අනතුරුව පූර්ණ සුවය ලැබූ ඔහු ඊයේ දිනයේ සිය නිවසෙ කරා යාමට අවසර ලබාදුන්නා.
කෙසේ වෙතත් ඔහුට තවත් දින 21ක කාලයක් ස්වයං නිරෝධායනකට ලක්වන ලෙසට වෛද්‍යවරුන් උපදෙස් ලබාදී ඇති අතර ඔහුගේ පවුලේ අයද පසුගිය දින 14 පුරාවට ස්වයං නිරෝධායනයකට ලක් කෙරුණා.
ඒ සම්බන්ධයෙන් වූ සහතික පිරිනැමීමද ඊයේ සිදු කෙරුණා.

Your Comments