ශ්‍රී ලංකාවේ කෙරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1089ක් දක්වා ඉහළට
සුවය ලැබූවන් ගණනත් 660 ක් දක්වා ඉහළ යයි

27

මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1,089ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.
එහි වසංගත රෝග විද්‍යා ඒකකය කියා සිටියේ ඊයේ (23) දිනයේ වාර්තා වූ කොරෝනා ආසාදිත නව රෝගීන් සංඛ්‍යාව 21ක්.
ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතව මේ වන විටත් රෝහල්ගතව සිටින රෝගීන්ගේ සංඛ්‍යාව 420ක් වනවා.
එසේම ඊයේ දිනයේ දී රෝගීන් 40 දෙනෙක් සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමග මෙරට කොරෝනා ආසාදිතව සුවය ලැබූවන්ගේ සංඛ්‍යාව 660ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
එසේම තවත් පුද්ගලයන් 101 දෙනෙක් කොරෝනා වෛරස රෝග රෝග ලක්ෂණ සහිත බවට සැකය මත රෝහල්ගතව වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි වසංගත රෝග විද්‍යා ඒකකය පවසන්නේ.
එසේම කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් මෙරටදී පුද්ගලයන් 9දෙනෙකු පමණ මියගොස් තිබෙනවා.
මේ අතර ලොව පුරා කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව අද(24) පෙරවරු 11 පමණ වන විට 54,07,414ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඉන් ආසාදිතයින් 3,44,023 දෙනෙක් මරණයට පත්ව ඇති අතර තවත් ආසාදිතයින් 22, 47,962 දෙදෙනෙකු සුවය ලබා ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් මේ වන විට ලොව පුරා රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින්ගේ සංඛ්‍යාව 28,15,429ක් වන අතර ඉන් ආසාදිතයින් 53,567 දෙනෙක් අසාද්‍ය තත්ත්වයෙන් පසුවන බවද වාර්තා වනවා.
මේ අතර ලොව තනි රටකින් වාර්තා වන වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව සහ වැඩිම මරණ සංඛ්‍යාව තවදුරටත් අමෙරිකාවෙන් වාර්තා වනවා.
ඒ අනුව අමෙරිකාවෙන් මේ වන විට ආසාදිතයින් 16,66,828ක් වාර්තා වන අතර ඉන් ආසාදිතයින් 4,45,914 දෙනෙක් සුවය ලබා ඇති අතර මරණයට පත්ව ඇති සංඛ්‍යාව 98683ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ආසාදිතයින් දෙවනුවට වැඩිම රට ලෙස මේ වන විට බ්‍රසීලය ඉදිරියට පැමිණ තිබෙනවා.
ඒ අනුව බ්‍රසීලයෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ සමස්ත සංඛ්‍යාව 3,49,113ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ඉන් ආසාදිතයින් 22,165 දෙනෙක් මරණයට පත්ව ඇති අතර සුවය ලබා ඇති සංඛ්‍යාව 1,42,587ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
සමස්ත ආසාදිතයින් 335882ක් වාර්තා වන රුසියාව තෙවන ස්ථානයේ පසුවන අතර ඉන් 1,07,936 දෙනෙක් සුවය ලබා ඇති අතර 3,388 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
සිව්වන ස්ථානයේ පසුවන ස්පාඤ්ඤයෙන් වාර්තා වන කොරෝනා වෛරස ආසාදිතයින්ගේ සංඛ්‍යාව 2,82,370ක් වන අතර ඉන් 28,678 දෙනෙක් මරණයට පත්ව 1,96,958 දෙනෙක් සුවය ලබා තිබෙනවා.
ආසාදිතයින් සංඛ්‍යාව සැලකිමේදී පස්වන ස්ථානයේ පසුවන එක්සත් රාජධානිය මරණ සංඛ්‍යාව සැලකීමේදී දෙවන ස්ථානයේ පසුවනවා.
ඒ අනුව එක්සත් රාජධානියනේ ආසාධිතයින් 2,57,154ක් වාර්තා වන අතර ඉන් 36,675ක් සුවය ලබා තිබෙනවා. කෙසේ වෙතත් එරටින් මෙතෙක් සුව වූ රෝගීන් සම්බන්ධයෙන් කිසිදු වාර්තාවක් ලැබෙන්නේ නැත.
අසල්වාසී ඉන්දියාව මේ වන විට ආසාදිතයින් සංඛ්‍යාව සැලකීමේදී 11 වන ස්ථානයට පත්ව සිටිනවා.
ඒ අනුව ඉන්දියාවෙන් මේ වන විට ආසාදිතයින් 1,31,920 දෙනෙක් වාර්තා වන අතර ඉන් ආසාදිතයින් 54,441 දෙනෙක් සුවය ලබා ඇති අතර මියගිය සංඛ්‍යාව 3,869ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.

Your Comments