ශ්‍රී ලංකාවෙන් බංගලාදේශයට ඩොලර් 50,000ක මුදල් පරිත්‍යාගයක්

17

ශ්‍රී ලංකා රජය විසින් බංගලාදේශයට ඇමරිකානු ඩොලර් 50,000ක මුදලක් පරිත්‍යාග කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ පසුගිය ජූලි මාසයේ බංග්ලාදේශයට ඇති වූ ස්වභාවික ව්‍යවසනය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහායි.

විදේශ කටයුතු අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට අනුව ඊට අනුමැතිය හිමිව ඇති බවයි වාර්තා වන්නේ.

හදිසි ගං වතුර සහනාධාරයක් ලෙස මෙය ලබා දීමට නියමිතව තිබෙනවා.

Your Comments