ශ්‍රී ලංකන් හිටපු ප්‍රධාන විධායක නිලධාරීයා සහ බිරිද යළි රිමාන්ඩ්

5

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳ ප්‍රියංකා නියෝමාලි විජේනායක ලබන මස 4 වනදා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
ඒ ඔවුන් කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
පසුගිය 6 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර වීමෙන් පසුව ඔවුන් අත්අඩංගුවට ගනු ලැබුවා.
ශ්‍රී ලන්කන් ගුවන් සමාගම සඳහා එයාර් බස් සමාගමෙන් ගුවන් යානා 10ක් මිලදී ගැනීමේදී ඇමරිකානු ඩොලර් මිලියන 2 ක අල්ලසක් ලබා ගෙන මුදල් විශුද්ධිකරණය කළ බවටයි ඔවුන්ට චෝදනා එල්ලවන්නේ.

Your Comments