ශ්‍රී ලංකාවේ 10 වන කොරෝනා ආසාදිත මරණය වාර්තා වෙයි

32

ශ්‍රී ලංකාවෙන් වාර්තා වන දස වන කොරෝනා මරණය අද(25) වාර්තා වූවා.
ඒ කුවේට් සිට පැමිණ ත්‍රිකුණාමලය මන්කි බ්‍රිජ් යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථානය් නිරෝධායන වෙමින් සිටි කාන්තාවක් බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසන්නේ.
එම කාන්තාව අද අලුයම හදිසියේ රෝගාතුරවී රෝහල් ගත කරද්දී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් පසුව කළ ජෛව සාම්පල පරීක්ෂාවේදී ඇයට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා කියා සිටියා.
ඒ අනුව මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 10 දක්වා ඉහළ යනවා.
අදාළ කාන්තාව පයාගල ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි කාන්තාවක් බවත් ඇය හෘද රෝගී තත්ත්වයකින්ද පසු වූ බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේ.

 

Your Comments