‘ශබ්දය හංගා වෙඩි තැබීමක්’ – 12 දෙනෙකු මරුට

376

අමෙරිකාවේ වර්ජිනියා ප්‍රාන්තයේ වෙඩි තැබීමකින් පුද්ගලයින් 12 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

තවත් 6 දෙනෙකු තුවාල ලැබුවා.

වර්ජිනියා ප්‍රාන්තයේ රජයේ ගොඩනැගිල්ලකයි වෙඩි තැබීම සිදුව ඇත්තේ.

ප්‍රහාරය එල්ල කළ සැකකරු ද පොලිස් වෙඩි පහරින් මිය ගොස් ඇති නමුත් ඔහුගේ අනන්‍යතාවය මෙතෙක් අණාවරණය කර නැහැ.

ප්‍රහාරකයා .45 වර්ගයේ පිස්තෝලයකින් වෙඩි තබා ඇත්තේ ශබ්දය පිටනොවන උපකරණයක් ද භාවිතයට ගැනීමෙන්.

මේ වසරේ ගෙවුණු මාස පහට වෙඩි ප්‍රහාර එල්ල වූ අවස්ථා 150ක් පමණ අමෙරිකාවෙන් වාර්තා වී තිවෙබවා.

එම ප්‍රහාරවලින් ඉන් මිය ගිය බවට වාර්තා වී ඇති ප්‍රමාණය 5,764ක්.

තවත් 11,060 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

Your Comments