වෛද්‍ය සාෆි කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට

25

කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය මොහොමඞ් ෂාෆි කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට මේ වන විට රැගෙනවිත් තිබෙනවා.
ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්.

වෛද්‍ය මොහොමඞ් ෂාෆිට එරෙහි නඩුව තව සුළු වේලාවකින් කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභායට ගැනීමට නියමිත බවයි නිව්ස් 24 වාර්තාකරු පැවසුවේ.

මොහොමඞ් සාෆි වෛද්‍යවරයා මේවන විට රක්ෂිත බන්ධනාගාර ගතව ඇත්තේ සැකසහිත ලෙස වත්කම් උපයා ගැනීමේ චෝදනාව හේතුවෙන්.

එමෙන්ම අදාළ වෛද්‍යවරයා සිදුකර ඇති සිසේරියන් සැත්කම් අතරතුර මව්වරුන් වද භාවයට පත්කර ඇති බවට ද චෝදනා එල්ල වුණා.

ඒ බව සදහන් කරමින් පැමිණිලි 1000කට අධික සංඛ්‍යාවක් කුරුණෑගල ශික්ෂණ රෝහලට සහ දඹුල්ල මහ රෝහලට මව්වරුන් විසින් ඉදිරිපත් කිරීමට ද පියවර ගත්තා.

ඒ අනුව අදාළ මව්වරුන්ගේ පැමිණිලි විමර්ශනයට සුදුසු වෛද්‍ය පරීක්ෂණය කුමක්දැයි ඇතුළත් විශේෂඥ වෛද්‍යවරුන්ගේ නිර්දේශ සහිත වාර්තාව ද අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව සදහන්.

මේ අතර සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය, යුක්තිය උදෙසා මව්වරුන්ගේ සංගමය, සුරකිමු ශ්‍රී ලංකා සංවිධානය ඇතුළු සංවිධාන කිහිපයක නියෝජිතයින් මොහොමඞ් ෂාෆි වෛද්‍යවරයාට එරෙහිව ඊයේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට ද පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

Your Comments