වෙසක් උත්සවය කඩාකප්පල් කිරීමට සැඟවුණු හස්තයක් ක්‍රියාත්මක වනවා

34

වෙසක් උත්සවය කඩාකප්පල් කිරීම සදහා යම් සැගවුණු හස්තයක් ක්‍රියාත්මක බව කථානායක කරූ ජයසූරිය මහතා පවසනවා.
මල්වතු අස්ගිරි මහ නා හිමිවරුන් බැහැ දැකිමෙන් අනතුරුව මහනුවරදි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ වෙසක් උත්සවය සැමරීමට කිසිදු බාධාවක් නොමැති බවයි.

රටේ ආරක්ෂාව තහවුරු කිරීමට සහ ජාතීන් අතර සමගිය ඇති කිරීම පිලිබද කරුණු සෙවීමට පුර්ණ බලැති ජනාධිපති කොමිසමක් පත් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන බවද කථානායකවරයා සදහන් කළා.

මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් වැඩබලන ආරක්ෂක අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා කියා සිටියේ වෙසක් උත්සවය සැමරීම සදහා විහාරස්ථාන වෙත අවශ්‍ය ආරක්ෂාව ලබා දීමට රජය සුදානම් බවයි.

පාස්කු ඉරිදා මරාගෙන මැරෙන ත්‍රස්ථවාදියෙකුට අයත් තඹ කම්හලේ සේවකයින් 9 දෙනෙකු ඇප මත මුදාහැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් දේශපාලන මැදිහත්වීමක් නොමැති බව අනාවරණය වී ඇති බවයි රුවන් විජයවර්ධන මහතා කියා සිටියේ.
අවශ්‍ය වුවහොත් අදාළ සැකකරුවන් යළි අත්අඩංගුවට ගන්නා බවද වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

Your Comments